Wednesday, May 23, 2012

බ‍්‍රවුසර් කිරුළ ක්‍රෝම් ගනියි


ලොව වැඩිපුරම භාවිතා කරන වෙබ් පිරික්සන මෘදුකාංගය (වෙබ් බ‍්‍රවුසරය) ලෙස මයික්‍රොසොෆ්ට් සමාගමේ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිබවා යාමට ගූගල් ක්‍රෝම් සමත් වී ඇතැයි වාර්තා වේ.
ස්ටැට් කවුන්ටර් නම් විශ්ලේෂණ සේවය විසින් නිකුත් කර ඇති දත්ත වාර්තාවක් මගින් මේ බව අනාවරණය වී තිබේ.
මැයි 14-20 දක්වා කාලපරිච්ඡේදය පුරාවට ගූගල් ක්‍රෝම් විසින් ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් අභිබවා ගොස් ඇති අයුරු එහි දැක්වේ.
මෙම වාර්තාවට අනුව අන්තර්ජාලය පිරික්සන්නන්ගෙන් 32.76%ක් ක්‍රෝම් භාවිතා කරයි.
මේ අතර, එක්ස්ප්ලෝරර් යොදාගෙන අන්තර්ජාලය පිරික්සන්නන්ගේ ප‍්‍රමාණය 31.94% දක්වා පහත වැටී ඇත.
කෙසේ වෙතත්, මීට සිවුවසරකට පෙර අන්තර්ජාලය පිරික්සන්නන් 70%ක පමණ භාවිතා කළ ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර්, මේ වන විට භාවිතා කරනු ලබන්නේ 31.94% පමණක් බව එහි වැඩිදුරටත් දැක්වේ.

Thursday, May 3, 2012



අන්තර් ජාලයෙන් ව්‍යාපාර යා කිරීමට ඩයලොග් සූදානම්


 අනවශ්‍ය ගමන් වියදම් අඩුකර ගනිමින් ව්‍යාපාර වලට අන්තර් ජාලය ඔස්සේ රැස්වීම්, මාධ්‍ය හා වීඩියෝ සාකච්ඡා පැවැත්වීම හැකියාව ලබාදෙන WebEx විද්‍යුත් මාධ්‍ය සාකච්ඡා ක්‍රමය ඩයලොග් සහ සිස්කෝ(Cisco) එක්ව ශ්‍රී ලංකාවේ ව්‍යවසාය ක්ෂේත්‍රය වෙත හඳුන්වා දෙයි. අන්තර් ජාලය ඔස්සේ ව්‍යාපාරිකයින් වීඩියෝ සාකච්ඡා පවත්වන ලොව ප්‍රමුඛතම ක්‍රමයක් ලෙස සිස්කෝ WebEx ප්‍රසිද්ධියට පත්ව ඇති අතර මෙම ක්‍රමය මගින් මධ්‍යම ප්‍රමාණයේ සිට මහා පරිමාණයේ ව්‍යාපාර දක්වා සේවා සපයයි. මේ නිසා, ව්‍යාපාර අතර මෙන්ම ව්‍යාපාර හා පාරිභෝගිකයින් අතර ඕනෑම තැනක සිට සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමට මෙම ක්‍රමයෙන් හැකියාව ලැබේ. ඉදිරි වසර දෙක ඇතුළත ශ්‍රී ලංකාවට මෙම සේවාව ලබාදෙන එකම විදුලි සන්නිවේදන සේවා සැපයුම්කරු වන්නේ ඩයලොග් ආසිආටා සමාගම බව එම සමාගම කියයි. දැනට ලොව පුරා සිස්කෝ WebEx සඳහා ලියාපදිංචි පාරිභෝගිකයින් ප්‍රමාණය මිලියන 06 කට වැඩි අතර මසකට පැවැත්වෙන මාධ්‍ය සාකච්ඡා ප්‍රමාණය සාමාන්‍ය වශයෙන් මිලියන 7.6 ක් පමණ වේ. “මෙමගින් පාරිභෝගිකයින්ට නිවසේ සිට පමණක් නොව ලොව ඕනෑම තැනක සිට තම ව්‍යාපාර කරගෙන යාමට අවකාශ ලැබෙනවා.“ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් ඩයලොග් එන්ටර්ප්‍රයිස් හි, ප්‍රධාන විධායක නිළධාරී ජෙරමි හක්ස්ටබල් මහතා කීය. වැඩිම පාරිභෝගික සංඛ්‍යාවක් සමග 2.5G කුළුණු 2000 ක් සහ 3G කුළුණු 1200 කට වැඩියෙන් ඩයලොග් සතුව තිබේ.

Nature

Tuesday, March 13, 2012

Take my hand and never let me go





“Real love is feeling like being a part of that person’s

life almost isn’t enough. It’s more like a feeling that

you would live in the same skin with them if you could

and share every thought, heart beat, and emotion as one.

~ Rod Cannon ~”